ශිෂ්‍යත්ව අයැදුම් පත්‍ර භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

ජූලි 30, 2022

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම් පත්‍ර භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කර තිබේ.

    ඒ අනුව ලබන 7 වැනිදා දක්වා විභාගයට අයැදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි බවයි, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසන්නේ.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනූව විභාග දෙපාර්තමේන්තුව ඇතුළු මධ්‍යස්ථාන 45ක පිහිටි ඇගයීම් මණ්ඩල 453 කදී එය සිදු කෙරේ.

    පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ලබන 14 වැනිදායින් අවසන් කිරීමට නියමිතයි. 

    Latest News