ශිෂ්‍යත්ව ප්‍රථිපල සහ කඩඉම් ලකුණු නිකුත් කෙරේ (වීඩියෝ)

නොවැ 16, 2020
  • 05 වසර ශිෂ්‍යත්ව ප්‍රථිපල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ප්‍රථිපල www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවිවලින් ලබා ගත හැකියි.

    Results_Released-1.jpg

    එමෙන්ම එක් එක් දිස්ත්‍රික්කයට අදාළ සිංහල සහ දමිල භාෂා මාධ්‍යයේ කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ.

    සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු ලෙස දැක්වෙන්නේ 169කි.

    අනෙක් දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු

    වව්නියාව - 157

    නුවරඑළිය - 161

    හම්බන්තොට - 164

    මුලතිව් - 157

    අම්පාර - 162

    ත්‍රිකුණාමලය - 161

    පුත්තලම - 163

    අනුරාධපුරය - 163

    පොළොන්නරුව - 163

    බදුල්ල - 163

    මොනරාගල - 162

    රත්නපුර - 165

    Cut_off_marks-1.jpg 

    මේ අතර කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත සමීක්ෂණය සිදුකිරීමට අවශ්‍යනම් අභියාචනා ඉදිරිපත් කිරීම ගැන තොරතුරු පසුව දැනුම්දෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

     

     

    Last modified on සදුදා, 16 නොවැම්බර් 2020 20:07

    Latest News