දඹුල්ල ලුණූ නිෂ්පාදනයේ ප්‍රමුඛ ප්‍රදේශයක් කරනවා- ගෝඨාභය

නොවැ 09, 2019

    දඹුල්ල ලංකාවට ලුණූ සපයන ප්‍රමුඛ ප්‍රදේශයක් බවට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) දඹුල්ලේ පැවැති ජන රැළියක් අමතමිනි. වී ඇතුලූ අනෙකුත් භෝග වලට මෙන්ම ලුණූ සඳහාත් සහතික මිලක් ලබාදෙමින් ලූණූ ගොවියාගේ ආර්ථීකයද ශක්තිමත් කිරිමට පියවර ගන්නා බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි පැවසීය.

    එමෙන්ම ගොවියා ගොවි ආර්ථිකයට පමණක් සිමා නොකර ගොවි නිෂ්පාදනවලට අගයක් එකතුකර ගොවියා ව්‍යාවසායකයෙක් බවට පත් කිරීම සඳහා පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය. දේශීය ගොවියාගේ ආර්ථීකය සම්බන්ධයෙන් කිසිඳු තැකීමක් නොකර විදේශයෙන් ලූණූ වැනි භෝග වර්ගෙ ආනයනය කිරීමට ඉඩදීම හේතුවෙන් දේශීය ගොවියා අතරමංව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 11:09

    Latest News