ශ්‍රීලනිප - පොදුජන සන්ධානගතවීමේ ගිවිසුමට අද අත්සන් තැබේ

ඔක් 31, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහා වන ගිවිසුමට අස්සන් තැබීම අද (31) සිදුකෙරේ.

    ඒ අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී. ගිවිසුම අස්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එම දේශපාලන පක්ෂවල නායකයින් සහභාගිවීමට නියමිතයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ 15ක් මෙම ගිවිසුමට අස්සන් තැබීමට නියමිතව තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 09:43

    Latest News