අධිකරණ තීන්දුව කුමක් වුවත් තමා එය ගෞරවයෙන් භාරගන්නා අතරම එම තීන්දුව සමග ගතයුතු ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

පොළොන්නරුව ගිනිපෙට්ටි පාලමට සමාන්තරව ඉදිකෙරෙන නව දිය මං පාලමේ ඉදිකිරීම් කටයුතු අද (08) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

2018 අගෝස්තු 02 වනදා “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරුණු පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රිඩාංගණය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවේ දී විද්‍යාලයේ 09 වසරේ ඉගෙනුම ලබන ශාලික ලක්ෂාන් සිසුවා ජනාධිපතිතුමා ඉදිරියේ කතාවක් ඉදිරිපත් කළේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දේශපාලන වශයෙන් ගැටලු සහගත වන කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපතිතුමා කැපවී සිටින බව අවධාරණය කෙරේ.

කුමන හේතුවක් නිසාවත් රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සුබසාධන සේවාවන් අඩපණ නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාණය කරයි.

රටේ පවතින දේශපාලන අර්බුදය සහ නොසන්සුන්තාව ඉදිරි දින 7 තුල සමතයකට පත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.   

විදේශීය චින්තනයන්ට සහ න්‍යාය පත‍්‍රවලට අනුව වැඩකරමින්, ජෝන් ඩොයිලි ක‍්‍රමයට නැවතත් රට පාවාදීමට උත්සහ කරන ඇතැම් දේශපාලනඥයන්ට පාඩම් කියා දීම ඌව වෙල්ලස්ස නිදහස් සටනට අවුරුදු 200 ක් සපිරෙන මේ අවස්ථාවේ රටේ ජනතාව සතු වගකීමක් බව ජනාධිපතිතුමා පවසයි.

පොලිස් දෙපාර්තමේන්තුව අද තිබෙන තත්ත්වයට වඩා ඉහළ ප‍්‍රමිතියකින් යුත්, කාර්යක්ෂම, මහජන හිතකාමී සහ ප‍්‍රශස්ත සේවාවක් ලෙස ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම නීත්‍යානුකූලව බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් සිදුකර නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප‍්‍රමුඛ දහ දහසක් විරුවන්ට පිං පැමිණවීම මහෝත්සවයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (25) කොළඹ 07, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

Latest News