රනිල් අගමැති සමයේ වංචා - දුෂණ සෙවීමේ තිරණයක් - ජනපති (විඩියෝ)

නොවැ 25, 2018
  • අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම නීත්‍යානුකූලව බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් සිදුකර නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී විදෙස් ජනමාධ්‍යවේදින් සමග පැවති හමුවකදී ය.

    2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමා ජනාධිපති ධූරයට පත් කරගත්තේ ඉතා පිරිසිදු රාජ්‍ය පාලනයක් උදෙසා බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ උදෙසා ඉතාමත් සද් භාවයෙන් නිවැරදි ගමනක් යාමට සූදානම් වුව ද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කර මාස තුනක් යනවිට සිදුවූ මහා මංකොල්ලය වන මහ බැංකු මූල්‍ය වංචාව එම ගමන අඩාල කළ බව ද සඳහන් කළේය.

    දිගින් දිගටම සිදුවූ අක‍්‍රමිකතාවයන් මෙන්ම හිටපු අගමැතිවරයාගේ අදුරදර්ශී සහ හිතුවක්කාරී කි‍්‍රයා පිළිවෙත හේතුවෙන් අගමැතිවරයා වෙනස් කර රටත්, ජනතාවත් වෙනුවෙන් සුබවාදී ගමනක් යාමේ නව මාවතක් තෝරා ගැනීමට තමාට සිදුවූ බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    තමන් ඝාතනය කිරීමට උත්සහ දැරු දුෂිතයන් සමග තවදුරටත් ආණ්ඩු කිරීමට නම් තමන් රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් අපේක්ෂා ඉටු කර ගැනීමට වෙර දරන දුෂිත දේශපාලනඥයෙකු විය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා තම දේශපාලන ප‍්‍රතිපත්තිය එය නොවන අතර, දැඩි ලෙසම දුෂණයට විරුද්ධ තමන් නිරන්තරයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන අයෙක් බව ද ප‍්‍රකාශ කළේය.

    පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූයේ ස්ථාවර නියෝග අනුව කි‍්‍රයාත්මක විය යුතු පිළිවෙතට නොවන අතර, ආණ්ඩුවක් පත් කර ගැනීම සහ ආණ්ඩුවක් වෙනස් කර ගැනීම යන ඉතා වැදගත් කාරණාවලට අදාළව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ දී හඬ අනුව නොව ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක‍්‍රමය හෝ නමින් ඡන්ද විමසීම වැනි විධිමත් ක‍්‍රමයක් භාවිතා විය යුතු බවත්, ඒ පිළිබඳ තමා කතානායකවරයා ඇතුළු පක්ෂ නායකයන්ගෙන් කළ ඉල්ලීම පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම පිළිබඳ සතුටු වන අතර, එම සියලූදෙනාට ස්තූතිය පළ කරන බව ද ප‍්‍රකාශ කළේය.

    මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ කිසිදු අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත් නොකරන අතර එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිළිව සඳහන් කර තිබෙන බවයි.

    මහබැංකු මහා මංකොල්ලය සේම රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා ආණ්ඩුවේ සිදුවූ වංචා, දුෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත් ඒ තුළින් ඔවුන්ගේ තවත් වංචා, ඳුෂණ සහ අක‍්‍රමිකතා රැසක් රටට සහ ජනතාවට අනාවරණය වනු ඇති බවත් පෙන්වා දුන්නේය.

    Last modified on ඉරිදා, 25 නොවැම්බර් 2018 20:06

    Latest News