දේශපාලන නොසන්සුන්තාව දින 7ක් තුල විසඳනවා - ජනපති (වීඩියෝ)

දෙසැ 04, 2018
  • රටේ පවතින දේශපාලන අර්බුදය සහ නොසන්සුන්තාව ඉදිරි දින 7 තුල සමතයකට පත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.   

    2014 නොවැම්බර් මස 21 වැනි දා සහ 2018 ඔක්තෝම්බර් 26 ගත් තීරණ ඉතා නිවැරදි බව තමා අදටත් අවධාරණය කරන්නේ යැයි කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියා සිටියේය.

    යහපාලන සංකල්පය රටට යහපත් බලාපොරොත්තු උදාකර දෙන්නක් වුවද එය රනිල් වික්‍රමසිංහ මහතා මුල සිටම විනාශ කර දැමූ බව ඔහු කියා සිටියේය.

    අන්ත දක්ෂිණාංශික වූ රටට අහිතකර වූත් ප්‍රතිපත්තියක් තුල තවදුරටත් රට ක්‍රියාත්මක වීම නතර කිරීමේ තීන්දුත තමා නිවැරදිව ගත් බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඒ අනූව ඔක්තෝම්බර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමටත්, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමටත් ගත් තීරණය ඉතා නිවැරදි සහ රට වෙනුවෙන් ගත් තීරණයක් බව ද ඔහු පෙන්වා දුන්නේය. රට තුල දේශපාලන නොසන්සුන්තාවක්, දේශපාලන අර්බුදයක්, ගැටුමක් ඇති බවට හැඳින්වුව ද තමා එය දේශපාලන නොසන්සුන්තාවක් ලෙස හඳුන්වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

    ඒ අනූව, ඉදිරි දින 7 තුල මෙම දේශපාලන නොසන්සුන්තාව සමතයකට පත් කර හෙට උපදින දරුවාට ද යහපත් දේශයක් ගොඩනැගීමේ චේතනාව ඇතිව තීන්දු තීරණ ගෙන ඇති බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 05 දෙසැම්බර් 2018 07:50

    Latest News