දියමං පාලම ජනපතිගේ නිරික්ෂණයට (විඩියෝ)

දෙසැ 08, 2018
  • පොළොන්නරුව ගිනිපෙට්ටි පාලමට සමාන්තරව ඉදිකෙරෙන නව දිය මං පාලමේ ඉදිකිරීම් කටයුතු අද (08) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    පොළොන්නරුව විජයබාපුර ප්‍රදේශයේ පිහිටි මෙම පාලම පරාක්‍රම සමුද්‍රයෙන් ගොවිබිම් වෙත ජලය ගෙන යන එකේ ඇළට අයත් වෙයි.

    “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ දිගුකාලීන පියවරක් ලෙස මෙම පාලම ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 2500 කි. මෙයින් කුඹුරු අක්කර 18,000 කට ජලය සැපයීමට නියමිතය.

    පසුගිය සැප්තැම්බර් මාසයේ දී පාලමේ ඉදිකිරීම් කටයුතු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. අද එම ස්ථානයට ගිය ජනාධිපතිතුමා පාලමේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලු අතර අදාළ ඉංජිනේරුවන්ට උපදෙස් දුන්නේ ඉදිකිරීම් කඩිනම් කර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙසයි.

    ඉන් අනතුරුව පොළොන්නරුව, නිශ්ශංකමල්ලපුර ශ්‍රි විජයාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ශාස්ත්‍රපති පූජ්‍ය කන්තලේ රාහුල හිමි, පූජ්‍ය කොබෙයිතුඩුවේ විජිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක සුහද පිළිසඳරක නිරත විය. විහාරස්ථානයේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදුවන අතර, ජනාධිපතිතුමා එම කටයුතු නිරික්ෂණය කිරීමට ද එක් විය.

    he bridge 2 px 900 18 12 08

    Last modified on ඉරිදා, 09 දෙසැම්බර් 2018 09:59

    Latest News