ලොව නිෂ්පාදන වෙළෙඳපොළ හා තරග කිරීමට නම් සියළු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතු බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.  
රටේ සියළු කර්මාන්ත ක්ෂේත්‍රයන් වෙනුවෙන් නිර්මාණය කරගන්නා කර්මාන්ත ප්‍රතිපත්තිය, රජයන් වෙනස් වනවිට වෙනස් නොවිය යුතු බවත් රටේ සියළු දේශපාලන පක්ෂත් දැනුවත් කරමින් නව ලොවට ගැලපෙන තිරසාර වූ ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් නිර්මාණය කරගත යුතු බවත් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 

ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනය, පේෂකර්ම හා ඇඟළුම් තාක්ෂණය පිළිබඳ සිව් අවුරුදු උපාධි පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා.

කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩප්‍රස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලුම වාර්තා මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවත්, රහස්‍ය වාර්තා පවා එම වාර්තාවල රහස්‍යභාවය සුරකින බවට වන පොරොන්දුව මත නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවත්, සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නියමු ව්‍යාපෘතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට අවධානය යොමු වේ.

සංචාරක අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නියමු ව්‍යාපෘතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය අවසරය ලබා දීමේ වැඩසටහනක් මෙම මස 26 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

සංචාරක අමාත්‍යවරයා විසින් සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදුව, වත්මනේ ශ්‍රී ලංකාව තුළ සහ ගෝලීයව පවතින COVID – 19 වෛරස ව්‍යාප්තියත් විශේෂ අවධානයට හා සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් සහ අවවාද මත එම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම මස 26 වැනි දා සිට ජනවාරි මස 19 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට සියල්ල සුදානම් කොට තිබෙන බව ද ප්‍රකාශ කළේය.

එම කාලය තුළ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් සහ ගුවන් සේවා නැවත ගෙන්වා ගැනීම පිණිස විශේෂ සහනයක් ලබා දීමට කටයුතු කෙරෙන අතර කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන්තොටුපොළවලට විදේශ ගුවන් සේවා විසින් පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩබෑමේ සහ නවතා තැබීමේ ක්‍රියාවලිය සඳහා එකී කාලය තුළ ගාස්තු අයකිරීමක් සිදු නොකෙරෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

දේශීයත්වය අගය කරන ස්වශක්තියෙන් නැඟී සිටින ආර්ථිකයක් බවට පත් කිරීමට වත්මන් ආණ්ඩුව සැම විටම කටයුතු කරනවා - සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ

සුඛෝපභෝගී වාහන ගෙන්වීම හැරෙන්නට පොදු ප්‍රවාහන පහසුකම් සැළසීමට අයත්, කර්මාන්ත කටයුතු සඳහා මෙන්ම කෘෂි කර්මාන්ත සඳහා අවශ්‍ය වාහන ගෙන්වීම සඳහා කිසිඳු තහනමක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.

වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පිළිගැනීමේ උත්සවයක් ගාල්ල නගරයේදී අද පැවැත්විණ.

Latest News