දේශීයත්වය අගය කරන ස්වශක්තියෙන් නැඟී සිටින ආර්ථිකයක්

අගෝ 27, 2020

    දේශීයත්වය අගය කරන ස්වශක්තියෙන් නැඟී සිටින ආර්ථිකයක් බවට පත් කිරීමට වත්මන් ආණ්ඩුව සැම විටම කටයුතු කරනවා - සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ

    මෙරට තුළ නැවත දේශීයත්වය අගය කරන ස්වශක්තියෙන් නැඟී සිටින ආර්ථිකයක් බවට පත් කිරීමට වත්මන් ආණ්ඩුව සැම විටම කටයුතු කරන බවත්, ඒ අර්ථයෙන් ගත් කළ ඉදිරි කාලයේ දී කෘෂිකර්ම, නිෂ්පාදන ක්ෂේත්‍රයන් හි පරිවර්තනිය වෙනසක් සිදුවන කාලයක් වනු ඇතැයි ද, මෙම කාල සිමාව තුළ දේශීය පාරිභෝගිකයින්ට අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහන මිලට සපයා දීම මෙන්ම අපනයන අරමුණු කරගත් ක්‍රියාමාර්ග රැසක් ගැනීමටත් බලාපොරොත්තු වන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

    ලංකාවේ ජිවන වියදම පිලිබඳ තත්ත්වය ඉදිරි කාලයේ දී පාලනය කිරීමට අවශ්‍ය කටයුතු ඉටුකිරීම වෙනුවෙන් ජනපති උපදෙසින් ජිවන වියදම් පිලිබඳ අනුකමිටුවක් පත් කරන්නට යෙදුණු බව සඳහන් කරමින් ඒ මහතා මේ බව කියා සිටී අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වැවිලි රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගෙන් සහ ලසන්ත අලගියවන්න, ශෂින්ද්‍ර රාජපක්ෂ, අරුන්දික ප්‍රනාන්දු යන රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් යුතු වන එම අනු කමිටුව ඉදිරියේ දී රැස්වීමට නියමිත වන අතර එමඟින් ජිවන වියදම් තත්ත්වය පිළිබඳව මෙරට නිෂ්පාදකයින්ටත්, පාරිභෝගික ජනතාවටත් සාධාරණයක් වන ලෙස රටේ නිෂ්පාදනය සහ වෙළඳපළ පිලිබඳ තත්ත්වය නියාමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා මෙහි දී කියා සිටියේය.

    එමෙන්ම, වත්මන් රජයේ අරමුණ වන්නේ ලංකාවේ කෘෂි කර්මාන්ත, වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රවල නිෂ්පාදන ඵලදායිතාවය, නිෂ්පාදනය දිරිගැන්වීම යන කාරණා ප්‍රකට කිරීම බවත්, එනයින් පසුගිය මාස 08 ක කාලය තුළ ආනයනය අඩු කර අපනයන දිරිමත් කරන්නටත් කටයුතු කරනු ලැබූ බව ද සඳහන් කළ ඒ මහතා COVID19 වසංගතය හේතුවෙන් මෙරට පවතින අර්බුද කාලය තුළ දී වුවද 2019 වසරට වඩා අපනයන ස්ථාවරව පවත්වාගෙන වත්මන් රජය සමත්ව ඇති බවත් රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News