රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පරිශ්‍රයේ අද( 27) පැවති රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් නැගූ පැණයට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.
එමෙන්ම මෙම වාහන සඳහා මෙරට නිෂ්පාදනය නොකරන අමතර කොටස් ගෙන ඒම සඳහා කිසිඳු තහනමක් නොමැති බවත්, මේ සඳහා පසුගිය මාස කිහිපයේදීත් වර්තමානයේදීත් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සෑම අඟහරුවාදා දිනකම කමිටුවක් රැස් වන අතර වාහන ආනයනකරුවන්ට එම කමිටුවට කමන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව එම ස්ථානයේදීම අදාළ වාහන ආනයනකරුවන්ට විසඳුම් ලැබෙන බවද රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.