තිරසාර ජාතික කර් මාන්ත ප්‍රතිපත්තියක් කඩිනමින්

සැප් 28, 2022
    රටේ සියළු කර්මාන්ත ක්ෂේත්‍රයන් වෙනුවෙන් නිර්මාණය කරගන්නා කර්මාන්ත ප්‍රතිපත්තිය, රජයන් වෙනස් වනවිට වෙනස් නොවිය යුතු බවත් රටේ සියළු දේශපාලන පක්ෂත් දැනුවත් කරමින් නව ලොවට ගැලපෙන තිරසාර වූ ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් නිර්මාණය කරගත යුතු බවත් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 
    තිරසාර වූ ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කොට ඇති අතර ඉක්මණින්ම අප ජනගත කිරීම සිදුකරන බව ඇමතිවරයා සදහන් කළේය. 
    ඔහු මේ බව සදහන් කළේ ඊයේ (27 ) උදෑසන කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති මෝටර් රථ කර්මාන්ත කරුවන්ගේ විශේෂ හමුවට එක්වෙමිනි. 
    මෙහිදී මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත කරුවන් මුහුණ දෙන අභියෝග , අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදී මතුවන අභියෝග , මෝටර් රථ උපාංග මෙරට තුළ නිෂ්පාදනයේදී මතුවන අභියෝග මෙන්ම මෝටර් රථ හා මෝටර් රථ උපාංග වානිජ මට්ටමෙන් අලෙවියේදී මතුවන අභියෝග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට බදුන් කෙරිණි. 

    Latest News