ඉදිරි වසර පහක කාලය තුළ රටේ අනිවාර්ය සංවර්ධනයක්, ආර්ථික වර්ධනයක් - අමාත්‍ය රමේෂ් පතිරණ (වීඩියෝ)

නොවැ 23, 2019

    වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පිළිගැනීමේ උත්සවයක් ගාල්ල නගරයේදී අද පැවැත්විණ.

    මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    ඒ අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා...

    “ගාලු නගරය අභිවෘද්ධිය වෙනුවෙන් ඒ වගේම රටේ සමස්ත ආර්ථික සමාජ වර්ධනය වෙනුවෙන් කටයුතු කරන්න අපේ ආණ්ඩුව කැප වෙලා ඉන්නවා. ඒ ආණ්ඩුව ඉදිරි ක්‍රියාමාර්ග බොහොම පැහැදිලිව රටේ විනිවිද පෙනෙන සුළු භාවයේ වංචා දූෂණ නැති කරමින් රටේ සංවර්ධන ගමනට දායකත්වය ලබාදෙන්න ජනාධිපතිතුමාගේ අගමැතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලේ සෑම කෙනෙක්ම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙරට ජනතාවට යහපත් සැලසෙන සුභසිද්ධිය සැලසෙන නව නිවහල් යුගයෙන් ආරම්භ වුණා. ඒ යුගයේ ඉදිරි වසර පහක කාලය තුළ අනිවාර්ය සංවර්ධනය ආර්ථික වර්ධනය ජනතාවගේ සමාජ සුරක්ෂිතතභාවය සහ සුභසිද්ධිය සැලසෙන බව අපි බොහොම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා. ”

    Latest News