උඩරට දුම්රිය ස්ථාන 9කට වර්ෂාමාන

දෙසැ 03, 2020

    උඩරට දුම්රිය මාර්ගයේ වටවල සිට අඹේවෙල දක්වා වූ දුම්රිය ස්ථාන 9ක වර්ෂාමාන සවි කිරීම අද කෙරිණ.

    ඒ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්. ආපදා කළමානකරණ අමාත්‍යාංශ,දුම්රිය දෙපාර්තමේන්තුවේ සහය ලබාගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.

    එමගින් වර්ෂාපතනය අනූව, ප්‍රදේශයේ සිදුවිය හැකි ආපදා තත්වයන් පෙර හඳුනා ගැනීමේ හැකියාව පවතියි. නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය මගින් දිනපතා අදාළ දුම්රිය ස්ථානාධිපතිවරුන් සම්බන්ධ කර ගනිමින් එම ප්‍රදේශයේ පවතින වර්ෂා තත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි, දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ.

    වටවල,රොසැල්ල,හැටන්,කොටගල,තලවාකැලේ,ග්‍රෙට්වෙස්ටන්ථ නානුඔය, පට්ටිපොළ සහ අඹේවෙල යන දුම්රිය ස්ථානවල වර්ෂා මාන සවි කෙරේ. මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ දිස්ත්‍රික් කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කළේය. මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරී ආනන්ද කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News