පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65/- ක් සහ ග්‍රෑම් 425 ක ශුද්ධ බරින් යුත් ටින් කළ මාළු රුපියල් 100ක් ලෙස උපරිම මිල නියම කරමින් පනවා තිබු පාලන මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

දේශීය කෘෂිකර්මය නඟා සිටුවමින් ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉදිරි යලකන්නයේ ප්‍රධාන බෝග වර්ග 14ක් සඳහා සහතික මිලක් නියම කර තිබේ.

අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක් රුපියල් 5.00 කින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

වෙළෙදපොළේ අලෙවිවන තිරිඟුපිටි කිලෝවක මිල, තිරිඟුපිටි අලෙවියේ නිරත සමාගම්වලට ඒකපාර්ශවීයව වැඩිකළ නොහැකි බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන පවසයි.

ගෑස් සහ කිරිපිටි මිල සංශෝධනය කිරීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලබාදී තිබේ. ඒ අනූව, කිලෝ ග්‍රෑම් 12යි දශම 5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 250/-කින් අඩු කිරීමටත්, ආනයනික කිරිපිට ග්‍රෑම් 400ක මිල රුපියල් 20කින් ඉහළ නැංවීමටත් එම කමිටුව අනුමැතිය ලබාදී තිබේ. ලෝක වෙළෙඳපොළ මිල ගණන් වෙනස්වීම මත මෙම තීරණය ගත් බවයි, ජීවන වියදම් කමිටුව පවසන්නේ.

12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 250කින් පහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.

තවත් ඖෂධ 27ක මිල නියමානුකූල කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගණනාවකින් වී මිල සංශෝධනය වී නැති බවත්, ඒ අනුව සංශෝධිත මිලට අදාළව කැබිනටි පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට තමා විසින් යොමුකිරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

තිරිඟු පිටි මිල වැඩි කිරීම නීති විරෝධි බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Latest News