ගෑස් මිල පහළට ආනයනික කිරිපිටි මිල ඉහළට

සැප් 18, 2019

    12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 250කින් පහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.

    එමෙන්ම ආනයනික 400g කිරි පිටි පැකට්ටුවක මිල රු. 20කින් ඉහළ දැමීමට නියමිතය.


    ජීවන වියදම් කමිටුව පසුගිය දා රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති අතර ඒ සඳහා අනුමැතිය හිමිව ඇත්තේ ඒ අනුවයි. ලෝක වෙළඳ පොලේ පවතින මිල සංශෝධනයන්ට අනුව මෙම වෙනස්කම් සිදු කිරීමට තීරණය කළ බව ජීවන වියදම් කමිටුව ප්‍රකාශ කර සිටියි. කිරිපිටි ආනයනකරුවන් මිල වැඩිවීමක් ලබා දෙන ලෙස මීට පෙර අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළ ද ඊට අනුමැතිය හිමි නොවීය. එම නිසා වරායෙන් කිරිපිටි නිෂ්කාශණ කටයුතු අත්හිටුවීමට ක්‍රියා කෙරිණ.

    ඒ අනුව ජීවන වියදම් කමිටුව මගින් ගනු ලැබූ තීරණය පාරිභෝගික සේවා අධිකාරියට ලබා දීමෙන් පසු මිල ගණන් සංශෝදනය සම්බන්ධත තීරණය සිකුරාදා වනවිට ප්‍රකාශයට පත් කෙරෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

    දැනට පවතින ගෑස් මිල ගණන් (කොළඹ) මෙසේය...

    12 Kg සිලින්ඩරයක මිල රුපියල් 1733/-

    5 Kg සිලින්ඩරයක මිල රුපියල් 693/-

    2.5 Kg සිලින්ඩරයක මිල රුපියල් 319/-

     

    තවද ලාෆ්ස් ගෑස් සමාගමෙන් පොදු මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත. එබැවින් පාරිභෝගික කටයුතු අධිකාරියට ගෑස් මිල වෙනස් කිරීම වළක්වමින් අධිකරණ නියෝගයක් ලබාදී තිබේ. එය අවසන් වනතුරු පාරිභෝගික සේවා අධිකාරිය මිල වෙනස් නොකරනු ඇති බවද වාර්තාවේ.

    Last modified on බදාදා, 18 සැප්තැම්බර් 2019 16:47

    Latest News