සංචාරක කලාප ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය සදහා රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2,287,677 ක මුදලක් වෙන් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කටුනායක ගුවන් තොටුපල සංවර්ධනයේ දී ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් සැළකිල්ලට ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය රජය පිහිටුවු දේශපාලන ආයතන සමඟ තිබෙන සම්බන්ධතාව පිළිබඳව සොයා බැලීමට යැයි සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් බලහත්කාරී ලෙස ලබා ගැනීමට තැත් කළේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරීන් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග යන අයට විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය අද(25) අවසර ලබා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ ආණ්ඩුවේ වෙනසක් අවශ්‍ය බව ජනතාව පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Latest News