පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් තම ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වූ බව පවසමින් ආබාධිත සෙබලෙකු පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ වැටුපෙන් කොටසක් අඩු කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 04 වනදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ජනාධිපතිවරයා විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව, යළි කැදවන ලෙස නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කලේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ නාම යෝජනා අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට සීමිත විරෝධතා ඉදිරිපත් කරයි.

මහ මැතිවරණය ජුනි 20 වැනි දින පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හතර දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ඉදිරිපත් කළ පෙත්සමක් මාර්තු මස 23 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ජනාධිපතිවරණය සමයේ මංමාවත් හා ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් ,බැනර්, කටවුට් ඇතුළු ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ගෝඨාභය රාජපක්‍ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම පිළිබඳ අභියාචනාධිකරණයේ තීරණය අද පස්වරු 6ට ලබා දෙන බව වාර්තාවේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රීලාංකික පුරවැසියෙකු වශයෙන් පිළි ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඔක්තෝම්බර් මස 02 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

Latest News