අධිභාර බද්ද පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අප්‍රේල් 7වැනිදා පැවැත්වීමට නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දෙදින විවාදය අද ආරම්භ වෙයි. රජයේ පාර්ශවයෙන් ගෙනආ යෝජනාවකට අනූව මෙම සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

අය වැය 3වැනි වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේ අද විවාදයට ගැනෙන්නේ, ආරක්ෂක සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශවලත් ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශවලත් වැය ශීර්ෂයි.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ හයවන දිනය අදයි.

අගොස්තු 05 බදාදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවන බව ජානාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වන කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි.

Latest News