රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‍විවාදය අද ඇරඹේ

ජන 19, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දෙදින විවාදය අද ආරම්භ වෙයි. රජයේ පාර්ශවයෙන් ගෙනආ යෝජනාවකට අනූව මෙම සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

    9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කෙරුණු අතර එහිදී ජනාධිපතිතුමා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.

    ඒ පිළිබඳ අද සහ හෙට දෙදින විවාදයක් ලබා දීමට පසුගිය 13 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය විය.

    ඒ අනූව අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු විවාදය ආරම්භ වීමට නියමිතයි.

    Latest News