නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 කැඳවේ

අගෝ 04, 2020

    අගොස්තු 05 බදාදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවන බව ජානාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (03) මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

    Latest News