කුළුණුමතින් ඉදිවන වරාය පිවිසුම් මාර්ගයේ වැඩ අගමැති අතින් ඇරඹේ (වීඩියෝ)

සැප් 10, 2019

    වරාය නගරය අධිවේගී මාර්ග පද්ධති හා සම්බන්ධ කෙරෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරිණ.

    ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එය මෙරට කුළුණු මත ඉදිවන ප්‍රථම අධිවේගී මාර්ගයයි. කිලෝමීටර 5.6ක දිගින් යුත් නව අධිවේගී මාර්ගය ඉඟුරුකඩේ මංසන්ධිය අසළින් නව කැළණි පාලමට සම්බන්ධවෙයි.

    එතැන් සිට කුළුණු මතින් නගරය දක්වා අධිවේගී මාර්ගය ඉදිවෙනු ඇති. ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු ගාලු මුවදොර සිට පෑලියගොඩ දක්වා මිනිත්තු 4කින් ගමන් කළ හැකියි. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් ව්‍යාපෘතියට වැය කිරීමට නියමිතයි.

    අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවක දී මේ කරුණු අනාවරණය විය. අධිවේගී මාර්ග ව්‍යාපෘතිවලට සමගාමීව ග්‍රාමීය සහ පළාත් මාර්ග සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

     

     

    Last modified on අඟහරුවාදා, 10 සැප්තැම්බර් 2019 20:09

    Latest News