ශ්‍රී ලාංකිකයින් වන සිංහල, දෙමළ අප කාටත් මේ උදාවූයේ වසරේ මහෝත්කර්ෂවත්ම මංගල්‍යයය ලෙස සැලකෙන සිංහල - දෙමළ අලුත් අවුරුද්දයි.

වර්තමානයේ එල්ල වූ අර්බුද, එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව ජය ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

මෙවර අලුත් අවුරුද්ද පවුලේ සාමාජිකයන් සමඟ පමණක් චාම් හා සරලව ද උපේක්ෂා සහගතව ද සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි මෙන්ම නිරෝගීමත් කාලපරිච්ඡේදයක් වේවා යැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ප්‍රාර්ථනා කරයි.

සොබාදහමත් දිනෙන් දින අලුත් වෙමින් වසන්ත ශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළැඹෙන සිංහල, දමිළ අලුත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත් කර ගැනීමටත් ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු පණිවිඩය මඟින් පවසයි.

මිහිතලය මත ජීවයේ පැවැත්ම පිණිස හිරු සඳු නමැති සාධක අතිශයින් තීරණාත්මක වූ හෙයින් දුරාතීතයේ සිටම මිනිස්සු මේ ග්‍රහවස්තු යුගලයට බැතියෙන් වන්දනාමාන කළහ. සොබාදහම දේවත්වයෙන් සැළකීම සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රජුගේ ද පිළිවෙත විය.

Latest News