අර්බුද, එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව ජය ගනිමු - ජනපති

අප්‍රේ 14, 2022

    වර්තමානයේ එල්ල වූ අර්බුද, එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව ජය ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

    ඒ, සිංහල-දමිළ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින්.

    ශ්‍රී ලංකාව ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණදෙමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

    අලුත් අවුරුදු උදාව නැවුම් අපේක්ෂාවන් සමඟ පිළිගැනීම අපගේ පිළිවෙත වන අතර, පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යමත් වසරක් ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කරයි.

    pani.jpg

     

    Latest News