"සුවපත් රටක් - සවිමත් හෙටක්" එළි දකී...

අගෝ 21, 2019

    නව යොවුන් හා යොවුන් සෞඛ්‍ය පිළිබඳ ක්‍රමෝපායන් සැලැස්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ එළි දක්වනු ලැබීය. 2018 සිට 2025 දක්වා ක්‍රියාත්මක මෙම සැලැස්ම "සුවපත් රටක් - සවිමත් හෙටක්" තේමාවෙන් ක්‍රියාත්මකයි.

    වසර දෙකක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැලැස්ම සකස් කොට තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අදහසකට අනූවයි. නව යොවුන් හා යොවුන් විය ලෙස හඳුන්වන්නේ, වසර අවුරුදු 10 ත් 24 අතර පිරිසයි. මෙරට ජනගහණයෙන් හතරෙන් එකක් නියෝජනය කරන එම පිරිස ලක්ෂ 48ක්.

    එම වයසේ යෞවනයින් මුහුණ දෙන කායික හා මානසික ගැටලු නිරාකරණය සඳහා යොවුන් මිතුරු පියස රටපුරා ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 21 අගෝස්තු 2019 07:53

    Latest News