ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, තිරසර සංවර්ධන ඉළක්ක ජයගැනීම සදහා අත්‍යාවශ්‍ය කරුණකි. රුපියල් මිලියන 60 ක මුදලින් රුපියල් මිලියන 37.5 ක් සහනදායි ණය මුදලක් ලෙස ද රුපියල් මිලියන 12.5 ක් දිමනාවක් ලෙස ද ඉතිරි රුපියල් මිලියන 10 රජයේ අනුමැතිය යටතේ ද ලබාදෙයි. මෙම ව්‍යාපෘතිය 2023 වසරේ නොවැම්බර් මස 30 දින අවසන් කිරිමට නියමිතය. ව්‍යාපෘතිය මගින් මධ්‍යම, උතුරුමැද, සබරගමුව සහ ඌව යන පළාත් ආවරණය කරයි. එම ප්‍රදේශවල ජනතාවගේ සමාජීය, භූගෝලීය සහ ආර්ථීකමය කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුලින් සෞඛ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය වැඩිදියුණු කෙරෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය ජනගත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී අප්‍රේල් මස 01 දා පස්වරු 5.00 ට සිදු කිරීමට කටයුතු යොදා ඇත. මෙම ව්‍යාපෘතියට අදාල වෙබ් අඩවිය විවෘත කිරීම ද මෙහිදී සිදු කිරීමට නියමිතය.