යහපාලන රජයෙන් මෙරට දෙවන ජාතික රෝහල මහනුවරට (වීඩියෝ)

ඔක් 30, 2019
  • මෙරට දෙවන විශාලතම වෛද්‍ය මධ්‍යස්ථානය වන මහනුවර ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල වශයෙන් සිය සේවාව පුළුල් කරනු ලබයි.

    ඒ අනුව දිවයිනේ පළාත් 7ක රෝහල් ආවරණය වන පරිදි වෛද්‍ය සේවා පහසුකම් ලබා දීම මහනුවර ජාතික රෝහල මගින් ඉටු කෙරෙනු ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ යෝජනාවක් අනුව සංවර්ධනය කිරීමෙන් අද දින මහනුවර ජාතික රෝහල, මෙරට දෙවන ජාතික රෝහල වශයෙන් ඉතිහාසගත විය.

    1861 ආසාත්මිකතා පාලන රෝහලක් ලෙස ආරම්භ කෙරුණු “නුවර මහ රෝහල” අද වන විට සියලු පහසුකම් සහිතව ජාතික රෝහලක් බවට පත්ව ඇත. මධ්‍යම පළාත ප්‍රමුඛව උතුරු මැද, ඌව, නැගෙනහිර, සබරගමුව, වයඹ පළාත්වල රෝගීන් වෙත වෛද්‍ය ප්‍රතිකාර සේවා සැපයීම මහනුවර ජාතික රෝහල මගින් සිදු කෙරේ. එමෙන්ම පේරාදේණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්, කොළඹ වෛද්‍ය විද්‍යාල පශ්චාත් උපාධිය සඳහා අනුබද්ධ වෛද්‍ය නිලධාරීන් සහ පශ්චාත් උපාධිධාරී අභ්‍යාසලාභීන් පුහුණු කරන පාඨශාලාව වන්නේද මහනුවර ජාතික රෝහලයි. මහනුවර හෙද පුහුණු පාසල පාලනය වන්නේද මහනුවර ජාතික රෝහල යටතේය.

    මෙරට ශල්‍ය වෛද්‍ය ඉතිහායේ පළමු හදවත් බද්ධය 2017 වසරේ ජුලි 7 වැනිදා සිදු කෙරෙුණේද මහනුවරදීය. ඉන්පසු වත්මන් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ යෝජනාවක් අනුව ශරීර අවයව බද්ධ කිරීමේ විශේෂ ඒකකයක්ද ක්‍රියාත්මකයි. මහනුවර ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය උපදේශන ඒකක 3කින් සහ රෝගී සත්කාරක වාට්ටු 6කින් සමන්විතයි. පැය 24 පුරා ක්‍රියාත්මක අධික මිල ස්ටෙන්ට් නොමිලේ ලබා දෙමින් හෘදය සැත්කම් නොකඩවා ඉටු කරන හෘදය ප්‍රතිකාර ඒකකයක්ද ස්ථාපනය කර ඇත. ඒ සඳහා වෙනම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්, එන්ජියෝග්‍රෑම් ඇතුළු සියලු ඉහළ තාක්ෂණික පහසුකම් මෙම ඒකකයට ඇතුලත්ය. ජැයිකා ආධාර මත ඉදිකෙරෙන මහල් 10කින් යුත් රසායනාගාර සංකීර්ණය මගින් වයඹ, ඌව, නැගෙනහිර, උතුර, උතුරු මැද, මධ්‍යම හා සබරගමු පළාත්වල සියලු රෝහල් සඳහා රසායනාගාර පහසුකම් ලබා දෙනු ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් යොජනා කරනු ලැබ ක්‍රියාත්මක පිලිකා වාට්ටු සංකීර්ණය හා ප්‍රතිකාර ඒකකයද අති විශාල සේවාවක් සපයනු ලබයි. මහනුවර ජාතික රෝහල සදහා ඉදිවෙමින් පවතින තැලසීමියා ඒකකය මගින් දැනට එම රෝගයෙන් පීඩාවට පත්ව සිටින් ක්‍රඩා දරුවන් සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අපේක්ෂිතයි. මහනුවර ජාතික රෝහලේ තැලසීමියා ඒකකය තට්ටු 8කින් සමන්විත අතර ශල්‍යාගාර, හදිසි සත්කාර ඒකක මෙන්ම සියලු නවීන පහසුකම්වලින් යුක්තයි. වැඩිවන හදිසි අනතුරු ප්‍රමාණයට ප්‍රතිචාර දැක්වීම සඳහා සියලු වෛද්‍ය උපකරණ සහිතව මාස 6ක් තුළ ඉදිකෙරුණු හදිසි ප්‍රතිකාර ඒකකය, මානසික ප්‍රතිකාර ඒකකය, වකුගඩු ප්‍රතිකාර ඒකකවලින් මහනුවර ජාතික රෝහල සමන්විතයි. එම වකුගඩු ප්‍රතිකාර ඒකකය ජාතික වකුගඩු ප්‍රතිපත්තිය අනුව වකුගඩු බද්ධ කිරීම් මෙන්ම රුධිර කාන්දුකරණ ඒකකයකින් සහ රෝගී ප්‍රතිකාර කාමර සංකීර්ණයකින්ද යුක්තයි.

    100%ක්ම ආරක්ෂිත, පරිසර හිතකාමී විද්‍යුත් පද්ධතියක් මගින් මහනුවර ජාතික රෝහලේ සියලුම රෝග වාර්තා ගබඩා කර තබා ගනී. 2018 වසරේ සෞඛ්‍ය විශිෂ්ඨතාවයට හිමි රන් සම්මානය මහනුවර රෝහල දිනා ගන්නා විට රෝහල් කාර්ය මණ්ඩලය විශිෂ්ඨතම ඒකකය වශයෙන් සම්මානයට පාත්‍ර විය.

    Last modified on බදාදා, 30 ඔක්තෝබර් 2019 20:19

    Latest News