මෙරට මහජන සෞඛ්‍යට “මික්ටා” රටවල සහයෝගය

නොවැ 18, 2022

    ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මූලික අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය ලබා දීමටත්, ඒ වෙනුවෙන් පෙනී සිටීමටත් “මික්ටා” සංවිධානයේ රටවල් එකගතාව පළ කර තිබෙනවා.

    මේ බව සඳහන් කෙරුණේ, මෙරට මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා‍වේ කොරියානු තානාපති නිල නිවසේ ඊයේ පැවති විශේෂ හමුවක දී.

    කොරියානු තානාපතිවරයාගේ ආරාධනයකට අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ අවස්ථාවට එක්ව සිටියා. “මික්ටා සංවිධානය” මොක්සිකෝව, ඉන්දුනීසියාව, කොරියාව, තුර්කිය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් සැදුම්ලත් සංවිධානයක්. ලෝකය මුහුණ දෙන මූලික ගැටලු සාකච්ඡා කරමින් ඒ වෙනුවෙන් පෙනි සිටීම සඳහා මෙය පිහිටුවාගෙන තිබෙනවා. මෙම සාකච්ඡවේ දී ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ මූලික අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය ලබා දීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට “මික්ටා” සංවිධානයේ නියෝජිතයන් එකගතාව පළ කළා.

    කොවිඩ් වසංගතය සමයේ එම රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ ඉහළ දායකත්වය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළා. ගෝලීය ව්‍යසනය සාර්ථකව පාලනය කිරීම පිළිබඳව මෙරට සෞඛය ක්‍ෂේත්‍රයට එම නියෝජිතයින් සිය ඉහළ ප්‍රසාදය පළ කළ බව, සෞඛය අමාත්‍යාංශය පවසනවා.

    Latest News