පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා සඳහා 1000 ක්

නොවැ 04, 2020

    පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12 ක් සඳහා පුහුණුවට අභ්‍යාසලාභීන් දහසක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.මෙම තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ online ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය 2020.10.29 දින සිට පහසුකම් සලසා ඇත.

    මෙම තනතුරු සඳහා අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2020.11.30 දින වන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීමේද යම් ගැටලුවක් ඇති වුවහොත් සතියේ වැඩ කරන දින වල පෙ.ව.9.00 – ප.ව.4.00 දක්වා වූ කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමණාකරණ හා සම්බන්ධීකරණ ඒකකයේ ක්ෂණික දුරකථන අංක 0112-340007 අමතා අවශ්‍ය උපදෙස් ලබාගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.

    04.11.2020-.jpg

     

    Latest News