විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශ අද විවෘතයි

ජූනි 13, 2022

    විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශ අද (13) පෙ.ව 7.30 සිට ප.ව 4.30 දක්වා සීමිත සේවා කටයුතු වෙනුවෙන් විවෘතව තැබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    පොසොන් පොහොය නිමිත්තෙන් කොන්සියුලර් කටයුතු අංශය 2022 ජූනි 14වැනි අඟහරුවාදා දින වසා තැබෙන අතර, සාමාන්‍ය කටයුතු සඳහා එය 2022 ජූනි 15වැනි බදාදා දින විවෘත කිරීමට නියමිතයි.

    ඊට සමගාමීව යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල 2022 ජූනි 13 වැනි සඳුදා දින සීමිත සේවා සඳහා විවෘත කෙරෙන අතර තම අවශ්‍යතා සම්බන්ධයෙන් සේවා ලබාගැනීමේ හැකියාව පිළිබඳව විමසීම සඳහා සේවා අපේක්ෂකයන්ට පහත සඳහන් දූරකතන අංක සමඟ සම්බන්ධවීමේ හැකියාව පවතියි.

    අදාළ දුරකථන අංක පහතින්,

    • කොන්සියුලර් කටයුතු අංශය – කොළඹ 0112 338 812 / 0112 338 843
    • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – යාපනය 0212 215 970
    • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – මාතර 0412 226 697
    • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – මහනුවර 0812 384 410
    • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – ත්‍රිකුණාමලය 0262 223 182
    • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – කුරුණෑගල 0372 225 941

     

    Latest News