යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තනතුරට පත්වීමෙන් පසු අද ප්‍රථම වරට දළදා සමිදුන් වැඳපුදා ගැනීමට මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේය.

අනතුරුව ඔහු අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමට පැමිණියේය. ජය ශ්‍රී මහබෝ සමිඳුන් හා රුවන්වැලි සෑ රඳුන් වැදපුදා ගැනීමට ද නියමිතයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා......

“මගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා වශයෙන් පළමුවෙන් අපි රට ආරක්‍ෂා කරගත යුතුව තියෙනවා. රටේ ඉන්න මහජනතාව ආරක්‍ෂා කරගන්න ඕනේ. යුද හමුදාව නූතන හා අනාගතයට සරිලන පරිදි විශිෂ්ට හමුදාවක් කරා මින් ඉදිරියටත් රැගෙන යාම වගකීමක් හැටියට මං සලකලා යුද හමුදාවේ විරෝධාර රණවිරුවන් සහ රණවිරුවන්ගේ පවුල්වල සියලුම සාමාජිකයන් රැක බලාගැනිම, ඔවුන්ට සුබසාධනය ලබාදීම සහ යුද හමුදාවේ දැනට රාජකාරියේ නියුතු සියලු දෙනාම ඉතාම සන්තෝෂයෙන් රාජකාරි කරන හමුදාවක් බවට පත්කිරීම තමයි අරමුණ. අපි මේ යුද්ධය කළේ මගේ රට වෙනුවෙන්. රට වෙනුවෙන් මොන චෝදනා ආවත් ඉදිරියටත් ගිහිල්ලා මගේ ජිවිතේ පරිත්‍යාග කරලා හරි රට ආරක්‍ෂා කරන්න මං කැපවෙලා ඉන්නවා“ යැයි යුද හමුදාපතිවරයා පැවසීය.

මහනුවර ඇසළ පෙරහැරේ දිය කැපීම මංගල්‍යය මහවැලි නදියේ ගැටඹේ තොටේ දී අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද(14) රාත්‍රී විථි සංචාරය කෙරේ.

මහනුවර, ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ සිව්වැනි දිනය අදයි. අද රාත්‍රී 7.38ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර දකුණු දිශානිමුඛව වීදි සංචාරය කිරීමට නියමිතයි.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද(12) වීදි සංචාරය කරයි.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා පැමිණියේය.

මේ දිනවල මහනුවර නගරයට පැමිණෙන්නන්ට අලංකාර දර්ශනයක් දැකගත හැකියි. ඒ නගරයේ මග දෙපස ඇති රොබරෝසියා ශාකවල පිපුණු මල් නිසයි.

Latest News