update-සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ට පිළිගැන්වේ

ඔක් 31, 2019

    update- නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහනාහිමි තිබ්බටුවාවේ සුමංගල හිමියන්ට හා අස්ගිරි පාර්ශවයේ මහනාහිමි වරකාගොඩ ඥානරතන හිමියන්ට පිළිගන්වනු ලැබීය.

    සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී (පෙ.ව 7.30)

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රකාශය එළිදැක්වීම අද (31) මහනුවර දී සිදු කෙරේ.

    ඒ අනුව එහි මුල්පිටපත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය උදේ 8.45 ට මල්වතු මහවිහාරයේදී මල්වතු මහා නාහිමිපාණන් වහන්සේට පිළිගැන්වීම, උදේ 9.15ට අස්ගිරි මහාවිහාරයේදී අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේට ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීම, උදේ 9.45 ට මහනුවර ක්වින්ස් හෝටලයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම, සවස 2.00 ට ප්‍රගතිපුර ක්‍රීඩාංගනය, පුවක්පිටිය , අවිස්සාවේල්ලේදී දෙමළ ප්‍රගතිශීලී සංධානයේ සම්මන්ත්‍රණය , සවස 2.30 ට හොරණ නගරයේ ජන හමුව , සවස 3.00 ට අළුත්ගම කන්දේ විහාරයේදී ආගමිකවතාවත් වලට සහභාගී වීම , සවස 3.30 ට බේරුවල වෙරළ ක්‍රීඩාංගනයේදී ජන හමුව , සවස 4.00 ට පානදුර නගරශාලාව අසල ජන හමුව , සවස 4.30 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී ජන හමුව සහ රාත්‍රී 8.00 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී දෙමළ ප්‍රගතිශීලී සංධානයේ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 17:15

    Latest News