මැලේසියානු රැකියා ‍දස දහසක් මෙරටට ලබා ගැනීම සඳහා වන ගිවිසුම ලබන මාසයේ අත්සන් කිරීමට නියමිත බව, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ජපානයේ විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ (SSWP) කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයින්ට වරම් හිමි ව තිබේ.

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

මරදාන ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දරුවන් සිටින මවක ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් විදේශ රැකියාවක් සඳහායැවීමට උත්සහ කළ උප ඒජන්තවරයින් දෙදෙනෙකු කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

විදේශ රැකියාවල නිරතවී සිටින ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය ප්‍රමාණය මේ වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී සියයට 34න් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මහ බැංකු වාර්තා උපුටා දක්වමින් සඳහන් කරයි.

විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල රැකියා පුරප්පාඩු රැසක් පවතී. එම අවස්ථා ඉලක්ක කරගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

මේ වසරේ මේ දක්වා විදේශ රැකියා සඳහා පුද්ගලයන් 105821 දෙනකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගතව සිටියදී කොවිඩ්-19 වැළඳී මරණයට පත්වී ඇති ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි පිරිනමන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා එහි පාර්ශවකරුවන්ගේ සංවර්ධනය හා ආදායම ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සැකසීම සඳහා සය පුද්ගල කමිටුවක්, කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් පත්කොට තිබේ.

විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කළ තිබේ.

Latest News