බාලවයස්කාර දරුවන් සිටින මවක් රට යන්න හදලා

ජූනි 16, 2022

    මරදාන ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දරුවන් සිටින මවක ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් විදේශ රැකියාවක් සඳහායැවීමට උත්සහ කළ උප ඒජන්තවරයින් දෙදෙනෙකු කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    අදාළ කාන්තාවගේ සැමියා විසින් කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගත් අතර, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජූනි මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

    ශ්‍රි ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට පිළියම් ලෙස විශාල පිරිසක් රැකියා සඳහා විදේශ ගතවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල ඇති වී තිබෙන අතර, ඒ හා සමගම වංචනික අයුරින් විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන පිරිසද ඉහළ ගොස් තිබේ. විදේශ රැකියා සම්බන්ධ තොරතුරු කාර්යාංශයේ www.slbfe.lkවෙබ් අඩවිය මගින් ලබා ගත හැකිය. එබැවින් මෙවැනි වංචනික පිරිස් වලට හසු නොවන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

    Latest News