විදේශ ශ්‍රමික ප්‍රේෂණ සියයට 34න් ඉහළට

ජූනි 16, 2022

    විදේශ රැකියාවල නිරතවී සිටින ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය ප්‍රමාණය මේ වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී සියයට 34න් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මහ බැංකු වාර්තා උපුටා දක්වමින් සඳහන් කරයි.



    අප්‍රේල් මාසයේ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 249ක් වූ අතර, මැයි මාසයේදි එය ඩොලර් මිලියන 304 දක්වා වැඩි වී තිබේ.

    රැකියා සඳහා විදේශ ගතවී ඇති ප්‍රමාණය 2022 ජනවාරි සිට ජූනි මස 16 දක්වා 133,240 (රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 47692, ස්වයං මාර්ගයෙන් 85550) කි.

    2022 ජනවාරි සිට මේ දක්වා කාර්යාංශයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1640ක් වන අතර, 2021 හා 2022 වර්ෂයන්ට අදාළව විසදා ඇති පැමිණිලි සංඛ්‍යාව 1853කි.

    Latest News