ඉන්දියානු තහනම් වල්නාශක ජාවාරමක් දඹුල්ලෙන් මාට්ටු

ඔක් 11, 2019

    ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ඉතා රහසිගතව තහනම් වල්නාශක ගෙනවිත් ගොවීන්ට තොග පිටින් අලෙවිකරණ ජාවාරමක් අනාවරණය කරගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්ව තිබේ.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි කෘෂි රසායන අලෙවි සැලක හිමිකරු මෝටර් රථයකින් තහනම් වල්නාශක තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබියදි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    පොලීසියට ලැබුණු තොරතුරක් මත ඊයේ (10) පෙරවරුවේ සිට මාර්ග කිහිපයක රැකවල්ලා සිට තිබේ. ඒ අනුව තොරතුරු ලැබි ඇත්තේ ලොරි රථයකින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ වෙළඳසැලකට මෙම තහනම් වල්නාශක තොග ලැබෙන බවයි. එම ලොරි රථය ඉතා සියුම් ආකාරයකින් වෙනත් අයුරකින් වෙළෙඳ සැලට පැමිණ තිබෙන බව පොලිසියට තොරතුරු ලැබී ඇත.

    වහාක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු වෙළඳසැල් හිමිකරුගේ මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී සුක්ෂම ලෙස සඟවා තිබූ ග්‍රෑම් සීයේ ඇසුරුම් සහිත තහනම් වල්නාශක පැකට් 1028 ක්, ලීටර් හතරේ ඇසුරුම් හතරක්, ලීටර් හයේ ඇසුරුම් හයක්, ලීටර් එකේ ඇසුරුම් හයක් සහ කිසිදු ආකාරයකින් මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි බව පවසන ලීටර් එකේ දියර වර්ග හයක් සොයාගත් බව පොලිසිය කියයි.

    පසුව දඹුල්ල කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්. එම්. පී. ජය කැලුම් මහතාගේ දැනුම්දීම පරිදි මෙම පැමිණි දඹුල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව්. ජේ . මරවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමක් වල් නාශක පරීක්ෂා කළහ.

    මෙම කෘමිනාශක මෙරට තහනම් බවත් ඉතා සූක්ෂමව විදේශ රටවලින් බෝට්ටු මගින් ගෙනවිත් රටපුරා බෙදා හැරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව දඹුල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පැවසිය. ජාවාරමේ කොටසක් හෝ අත්අඩංගුවට ගැනීමට හැකිවීම විශාල සතුටක් බවද ඒ මහතා එහිදී සඳහන් කළේය.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන් හට ඉතා අධික මිල ගණන් යටතේ මෙම වල්නාශක ඉතා රහසිගතව අලෙවි කිරීම කාලක සිට සිදුවන බව අනාවරණය වී තිබේ.

    fertilizerraide2 px 900 19

    පිට පළාත්වල සිට පැමිණ ඉතා කුඩාවට කෘමිනාශක අලවිසැල් අරඹන බොහෝ ව්‍යාපාරිකයෝ කෙටි කාලකින් සුඛෝපභෝගී ජීවිත ගත කිරීම පිළිබඳව බරපතල සැකයක් මතුව පවතීන බව ජනතාව පවසති.

    මුහුදු මඟින් ඉතා සංවිධානාත්මකව මහ පරිමාණයෙන් කෘමිනාශක හා බීජ වර්ගද ගෙන්වා අලෙවි කරණ බවට අනාවරණය වි තිබේ.

    fertilizerraide1 px 900 19

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 09:26

    Latest News