ගිය ආණ්ඩුවෙන් පොහොර සමාගම්වලට බිලියන 23ක පොල්ලක්

ජන 13, 2020

    පසුගිය ආණ්ඩුව පොහොර සමාගම්වලට රුපියල් බිලියන 23ක් ණය වී ඇති බව පොහොර හිඟයක් ඇතිවීමට එය දැඩි ලෙස බලපෑ බවත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පෙරවරුවේ වීරකැටියේ පැවති උත්සවයක් අමතමින්.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘’වාරි සෞභාග්‍ය’’වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් වීරකැටියේ දී අමාත්‍යවරයා මෙසේ බව ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වන විට රට තුළ ඇති වී තිබෙන පොහොර හිගයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ පසුගිය ආණ්ඩුව බවයි.

    “පොහොර සමාගම්වලට ගෙවිය යුතු බිලයන 23න් බිලියන 6 ක් මේ වන විට බොහොම අමාරුවෙන් ගෙවා නැවත පොහොර ලබා ගන්න කටයුතු කළා. කෙසේ නමුත් කෘෂි රසායන භාවිතය අතින් අපි ඉහළ තැනක ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ලෝකයෙන්ම වස කවන ප්‍රධානම රට බවට අපි පත් වෙලා තිබෙනවා.මේ රටේ ගොවියෝ අපිට කවන්නේ වස බව එහි සඳහන් වෙනවා.

    මෙම තත්වය වහා වෙනස් විය යුතුයි. රසායනික පොහොර භාවිතය හා කෘෂි රසායන භාවිතය අතින් අපි ඉතාමත් නරක තැනක ඉන්නවා . මේ නිසා මේ රටේ වකුගඩු රෝගය බහුල ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙනවා.මෙම තත්වය අපි වහා වෙනස් කර ගත යුතයි. මේ රටේ ජනතාව කාබනික පොහොර කෙරේ විශ්වාසය තැබිය යුතුයි. එමෙන්ම නවීන තාක්ෂණය පිළිබදවත් මෙරට ගොවියන්ගේ දැනුම් වැඩි කළ යුතු බවයි."

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 07:44

    Latest News