බලංගොඩ පුරන් කුඹුරු අස්වැද්දීම සාර්ථකයි

දෙසැ 14, 2018

    බලංගොඩ ප්‍රදේශයේ පුරන් කුඹුරු අස්වැද්දීම සාර්ථකව ක්‍රියාත්මකයි.

    පසුගිය දිනවල හිමිවූ පොහොර සහනාධාරය සහ ඉන්ධන මිල පහත හෙළීම ඇතුළු සහන මීට හේතුවූ බව ගොවීහු පවසති. ප්‍රදේශයේ ගොවි ජනතාව, ගොවිජන සේවා නිලධාරීන්ගේ ද උපදෙස් අනුව පුරන් කුඹුරු, වගාවන්ට අවශ්‍ය පරිදි සකස් කිරීම ආරම්භ කර තිබේ.

    අප වාර්තාකරු පවසන්නේ, ප්‍රදේශයට නිසිකලට වැසි ඇද හැලීම මීට ඉමහත් පිටිවහලක් වී ඇති බවයි. බලංගොඩ, ඕලුගංතොට, නළුවෙළතැන්න, උඩගම්ගොඩ, මැදගම්මැද්ද ආදී  ප්‍රදේශවල විශාල ඉඩම් ප්‍රමාණයක් වී වගාව සඳහා මේ දිනවල අලුතින් සූදානම් කෙරෙමින් පවතී. රජය නව කුඹුරු වගාවන් සඳහා ගොවීන්ට අක්කරයකට රුපියල් දස දහසක මුදලක් ලබාදීමට තීරණය කර තිබීම ද ඔවුන්ට විශාල සහනයක් වී තිබේ.

    වගාවන්ට අවශ්‍ය පහසුකම් ලැබීම නිසා මෙවර සාර්ථක අස්වැන්නක් මෙන්ම ඉහළ ආදායමක් ලබාගැනීමට හැකි වනු ඇතැයි ද ගොවීහු ප්‍රකාශ කළහ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බදාදා, 19 දෙසැම්බර් 2018 09:27

    Latest News