නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමේ සමාරම්භය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් හෙට (07) දින ආරම්භ වෙයි.

ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් හෙට (07) නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ආරම්භ වේ.

අලුත් අවුරුදු දා සිදු වූ අනතුරු 121 කින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් තවත් 74 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ආරම්භ කෙරිණ.

කඩවත සිට මීරිගම දක්වා වන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්නැයි, අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවෘත කෙරුණු මාතර - හම්බන්තොට කොටසේ මගී ප්‍රවාහනයට සුඛෝපභෝගී බස් රථ 10ක් අද සිට ධාවනයට එක් කෙරේ.

අද විවෘත වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සුඛෝපභෝගී ලංගම බස්රථ සඳහා වූ ගාස්තුව, රජය ප්‍රකාශයට පත් කොට තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ, මාතර සිට බරවකුඹුක දක්වා කොටස, අද විවෘත කිරීමත් සමග මගී ප්‍රවාහනය සඳහා ලංගම සුඛෝපභෝගී බස්රථ 10ක් ධාවනය සඳහා යොදවීමට නියමිතයි.

මත්තල - හම්බන්තොට අධිවේගී මාර්ගයේ අදියර දෙකක් අද ජනතා අයිතියට පත් කෙරේ. මෙම අධිවේගී මාර්ගය අදියර 4කින් සමන්විත අතර, අද විවෘත වන්නේ එහි අදියර දෙකක් පමණක් බවයි, ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ.ඩබ්ලිව්.කණ්ඩම්බි මහතා පවසන්නේ.

පසුගිය දින 6 තුළ දෛනිකව වාහන ලක්ෂයට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ගය භාවිත කළ බව, අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පවසයි.

Latest News