දක්ෂිණ අධිවේගය තවත් කොටස් 2ක් ජනතා අයිතියට

නොවැ 07, 2019

    මත්තල - හම්බන්තොට අධිවේගී මාර්ගයේ අදියර දෙකක් අද ජනතා අයිතියට පත් කෙරේ. මෙම අධිවේගී මාර්ගය අදියර 4කින් සමන්විත අතර, අද විවෘත වන්නේ එහි අදියර දෙකක් පමණක් බවයි, ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ.ඩබ්ලිව්.කණ්ඩම්බි මහතා පවසන්නේ.

    මෙම කොටස ජනතා අයිතියට පත් කිරීමත් සමග මාතර සිට පැමිණෙන රථ වාහනවලට බරවකුඹුක ප්‍රදේශයෙන් අධිවේගී මාර්ගයට පිවිස, කෙටි කලක් තුළ සූරියවැව,හම්බන්තොට,මත්තල හා කතරගම යන ප්‍රදේශවලට ගමන් කළ හැකියි. වැඩ නිමවී ඇති අදියර 3 කොටසේ ඇඹිලිපිටිය - නෝනාගම මාර්ගයේ බරවකුඹුක ප්‍රදේශයෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීම හා පිටවීම සිදු කළ හැකියි. දැනට ඉදිකිරීම් අවසන් කර ඇති අදියර 3 කොටස සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 31.57ක් වන අතර අදියර 4 සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 52ක්.

    සියලු ඉදිකිරීම් පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබීම විශේෂත්වයක්. අද පෙරවරුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ හා ඉදිකිරීම් සමාගම්වල නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම කොටස් දෙක විවෘත කෙරෙන අතර, ඔවුන බරවකුඹුක ඇතුළුවීමේ දොරටුවේන අධිවේගී මාර්ගය විවෘත කර, හම්බන්තොට දක්වා ගමන් කර, ආරබොක්ක ප්‍රදේශයේ පිහිටි පිටවීමේ දොරටුව අසළ දී චාම් උත්සවයක් පවත්වා මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2019 09:42

    Latest News