කඩවත - මීරිගම අධිවේගයේ ඉදිකිරීම් කඩිනමින්..

දෙසැ 12, 2020

    කඩවත සිට මීරිගම දක්වා වන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්නැයි, අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    මෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමට යහපාලන ආණ්ඩුව සමයේ දී කොන්ත්‍රාත් ලබා දී තිබේ. එහෙත් නිසි පරිදි ඉදිකිරීම් සිදුව නැතැයි, අමාත්‍යවරයා කියා සිටියි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ, කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක් වෙමින්.

    ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු සභාපති සහන් ප්‍රදීප් මහතා ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියේය. මීරිගම සිට පොතුහැර දක්වා වන අධිවේගී මාර්ගය මාර්තු 31 වැනිදාට පෙර අවසන් කරන බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.

    Latest News