ගෙවුන දින 6දී වාහන ලක්ෂයක් අධිවේගයේ

අප්‍රේ 18, 2019

    පසුගිය දින 6 තුළ දෛනිකව වාහන ලක්ෂයට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ගය භාවිත කළ බව, අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පවසයි.

    අලුත් අවුරුදු ගමන් බිමන් වෙනුවෙන් බොහෝ පිරිසක් අධිවේගී මාර්ගය භාවිත කළ බවයි, ඔහු පවසන්නේ. තදබදය අවම කිරීමේ පියවරක් ලෙස හඳුනාගත් ස්ථානවල අතිරේක පිටවීමේ දොරටු විවෘත කිරීමට පියවර ගැනිණ.

    මාර්ගය භාවිත කරන ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක කාර්ය මණ්ඩලය ද යෙදවීමට පියවර ගැනිණ. අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේ දී එහි පිටවීමේ දොරටුවල පවතින තදබදය හා වෙනත් ඕනෑම තොරතුරක් 1969 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.

    අධිවේගී මාර්ගය භාවිත කිරීමේ දී සෑම විටම වම්පස මංතීරුවේ ගමන් කරන ලෙසත් ඉස්සර කරන විට දී පමණක් දකුණුපස මංතීරුව භාවිත කරන ලෙසත් ඉල්ලීමක් කෙරේ. සමහර රියදුරන් දකුණු පස මංතීරුවේ ගමන් කිරීම නිසා අනතුරු බහුල වී ඇති බව ද ඕපනායක මහතා පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2019 10:04

    Latest News