මාතර - හම්බන්තොට අධිවේගයේ බස් ධාවනය හෙට ඇරඹේ..නව ගාස්තු ප්‍රකාශයට

පෙබ 23, 2020

    අද විවෘත වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සුඛෝපභෝගී ලංගම බස්රථ සඳහා වූ ගාස්තුව, රජය ප්‍රකාශයට පත් කොට තිබේ.

    ඒ අනූව හම්බන්තොට සිට කොළඹ දක්වා වූ ගාස්තුව රුපියල් 880ක්. තංගල්ල සිට කොළඹ දක්වා වන ගාස්තුව, රුපියල් 680ක් ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය දැනුම් දෙයි. හම්බන්තොට සිට මාකුඹුර දක්වා වු ගාස්තුව,රුපියල් 610ක්. නව බස් සේවාවන් හෙට පෙරවරුවේ තංගල්ල බස් නැවතුම්පොළේ සිට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

    මෙම ප්‍රවේශපත්වල මිල ගණන් අද දිනයේම ප්‍රකාශයට පත් කරන්නැයි, අමාත්‍යවරයා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ. හෙට සිට ලංගම සුඛෝපභෝගී බස්රථ 10ක් එම මාර්ගයේ ධාවනයට යෙදීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 23 පෙබරවාරි 2020 12:50

    Latest News