කොස්ලන්ද, දියලුම ඇල්ලේ උඩදියලුම ප්‍රදේශයේ රාත්‍රී කඳවුරකට පැමිණ සිටි යුවලක් වනඅලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

අලි - මිනිස් ගැටුම තවමත් නොවිසඳුනු ගැටලුවක්.

අලියෙකුගේ පහරදීමෙන්, පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලි බලන්නෙකු මියයෑමේ අවාසනාවන්ත සිදුවීමක් අපට වාර්තා වුණා. මෙසේ මියගොස් ඇත්තේ 42 හැවිරිදි තුෂාර මෙත්තානන්ද නමැති දෙදරු පියෙක්.

වැල්ලවාය දික්ගල් යායට වනඅලි තර්ජනය උග්‍ර වෙයි.ගම්වැදුනු වනඅලි නිවාස රැසක් විනාශ කර වගාවන් ද විනාශ කර දමයි.

ගල්ගමුව,දේවගිරිය ප්‍රදේශයේ දී පා පැදිවලින් ගමන්ගත් පුද්ගලයින් පිරිසකට වන අලින් පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ.

බුත්තල, ගෝනගංආර ගම්මානයට ඊයේ රාත්‍රි කඩා වැදුනු වනඅලි රංචුවක් විසින් සිදු කල පහරදීමකින් නිවාස තුනකට දැඩි අලාභ හානි සිදුව තිබේ.

බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ දඹේයාය ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කැකිරාව සහ දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් කණ්ඩලම,පල්ලේගම,කිතුල්හිටියාව, රාමදගල ආදී ගම්මානවලට මේ දිනවල රාත්‍රී කාලයේ අලියෙකු පැමිණීම නිසා ජනතාව දැඩි භීතියට පත්ව සිටිති.

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අලිවැට පාදක කරගත් පරිසර හිතකාමී මී මැසි පාලන ව්‍යාපෘතියක් හඳුන්වාදීමට වයඹ පළාත් කෘෂිකර්ම වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

වැල්ලවාය,ආනපල්ලම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට අද (7) සිදුවූ වනඅලි පහරදීමකින් විහාරස්ථානයට දැඩිලෙස හානි සිදු වී තිබේ.

Latest News