අලි - මිනිස් ගැටුමට මී මැස්සාගෙන් විසදුමක්.. (වීඩියෝ)

ජන 18, 2020
  • අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අලිවැට පාදක කරගත් පරිසර හිතකාමී මී මැසි පාලන ව්‍යාපෘතියක් හඳුන්වාදීමට වයඹ පළාත් කෘෂිකර්ම වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    පර්යේෂණ මට්ටමේ පවතින මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකයි. මේ යටතේ වන අලින්ගෙන් බහුලව පීඩාවට ලක්වන කළුවර ගස්වැව, එගොඩපිටිය,තම්බපන්නිය,කුඩා මැචවච්ය, පාවට්ටාමඩුව සහ පලෙයිගල යන ගම්මානවල මාර්ග ආශ්‍රිතව මී මැසි ජනපද ස්ථාපිත කිරීම මෙහිදී ආරම්භ කෙරිණ. මේ සඳහා මීමැසි පෙට්ටි 2,000ක්,පැන් නිස්සාරක 02ක්, මුහුණු ආවරණ 11ක්, දුම්විසුරුම් 9ක් ඇතුළු භාණ්ඩ රැසක් බෙදාදීම සිදුකෙරිණ.

    එමෙන්ම, වනගත ප්‍රදේශවලින් මීමැසි ජනපද අල්ලාගැනීම පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ද ලබාදී තිබේ. මී මැස්සන්ගේ ශබ්දයට සහ මී මැස්සන්ට අලින්ගේ ඇති බිය හේතුවෙන් අලිවැට ආරක්ෂාවන බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

     

     

    Last modified on සෙනසුරාදා, 18 ජනවාරි 2020 20:29

    Latest News