වනඅලි පහරදීමකින් බුත්තල නිවෙස් 3ක් විනාශයි

සැප් 21, 2020

    බුත්තල, ගෝනගංආර ගම්මානයට ඊයේ රාත්‍රි කඩා වැදුනු වනඅලි රංචුවක් විසින් සිදු කල පහරදීමකින් නිවාස තුනකට දැඩි අලාභ හානි සිදුව තිබේ.

    වනඅලි ප්‍රහාරය සිදු වන අවස්ථාවේ දී එම නිවෙස් වල ජීවත් වනදරුවන් සහ නිවෙස් හිමියන් අනූනවයෙන් දිවි බේරාගෙන ඇති අතර ඔවුන් එලෙස දිවි බේරාගෙන ඇත්තේ නිවෙස් තුලින් එලියට පැන දිව යාමෙනි.

    මෙම ප්‍රදේශයට දීර්ඝකාලයක සිට වනඅලි තර්ජනය උග්‍ර ලෙස පවතින බවත් මේ වන තෙක් මීට වගකිවයුතු කිසිදු බලධාරියෙක් විසදුමක් ලබා නොදුන් බවත් ජනතාව පවසයි.

    පසුගිය කාල සිමාව තුලදී ප්‍රදේශයේ නිවාස රැසක් වනඅලි විසින් විනාශ කර දමා ඇති අතර ප්‍රදේශයේ වගා කර තිබූ භෝග වගාවන් රැසක්ම වනඅලි විසින් විනාශ කර දමා තිබේ.

    විදුලි වැටක් ප්‍රදේශයේ සකසා තිබුනද එය ක්‍රමවත් ආකාරයෙන් ස්ථාපිත කර නොමැති බව ප්‍රදේශයේ ජනතාව පවසයි. මෙම වනඅලි ගැටලුවට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරින්ගෙන් ඉල්ලීමක් කරයි.

    Latest News