රාත්‍රී කඳවුරක දී වන අලි ප්‍රහාරයක්

මැයි 12, 2023

    කොස්ලන්ද, දියලුම ඇල්ලේ උඩදියලුම ප්‍රදේශයේ රාත්‍රී කඳවුරකට පැමිණ සිටි යුවලක් වනඅලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

    එම සිද්ධියෙන් තරුණිය මරණයට පත්ව ඇති අතර, තරුණයා, තුවාල ලබා රෝහල් ගත කර ඇති බව, කොස්ලන්ද පොලිසිය සඳහන් කළා.

    දියලුම ඇල්ලේ, ඉහළින් පිහිටි උඩදියලුම රක්ෂිත ප්‍රදේශය සංචාරකයන් හා රාත්‍රී කඳවුරු ගත කරන්නන් අතර ඉමහත් ප්‍රචලිත ස්ථානයක්. කඳවුරු ගතව වාසය කිරීම සඳහා මෙම යුවල පැමිණ ඇත්තේ, ඊයේ දහවල් කාලයේ. රාත්‍රීයේ කූඩාරම වෙත පැමිණි වන අලියා සිදු කළ පහරදීමෙන් තරුණිය එම ස්ථානයේම මියගොස් තිබෙනවා. ඇය, 23 වැනි වියේ පසු වූ මාතර ප්‍රදේශයේ පදිංචි කාරිණියක් වන අතර, තරුණයා වාරියපොළ පදිංචිකරුවෙක්.

    Latest News