කණ්ඩලමට වන අලි කරදරයක්

පෙබ 26, 2020

    කැකිරාව සහ දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් කණ්ඩලම,පල්ලේගම,කිතුල්හිටියාව, රාමදගල ආදී ගම්මානවලට මේ දිනවල රාත්‍රී කාලයේ අලියෙකු පැමිණීම නිසා ජනතාව දැඩි භීතියට පත්ව සිටිති.

    රාත්‍රි 7.00ට පමණ ඇතුළු වන මෙම තනි අලියා නිවාස පිටුපසට පැමිණ ආහාර ගැනීම ප්‍රධාන මාර්ග වල ගමන් කිරීම නිවාස වල ඇති වී සහ විවිධ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමට පුරුදුව සිටින බව ප්‍රදේශවාසීහු කියති.

    මෙම තනි අලියා ගම්වැදීම නිසා ජනතාව අලියා පන්නා දෙන්නැයි වනජීවි නිලධාරීන් වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව කැකිරාවගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් 25 දින රාත්‍රියේ මෙම ගම්මානවල රැඳී සිටිමින් මෙම අලියා පන්නා දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.

    ස්ථාන කිහිපයක රැඳී සිටි වනජීවී නිලධාරීන් රාත්‍රී 08 පමණ වන විට මෙම අලියා ගම්වදින දැක අලි වෙඩි ගසා අහසට වෙඩි තබා පලවාහැරීමේ මෙහෙයුමක නිරත විය. එහෙත් නිවාස ආසන්නයේ සහ ජනතාව ගැවසෙන ප්‍රදේශයේ අලියා ගමන් කිරීම හේතුවෙන් නිසියාකාරව පන්නා දැමීමට හෝ අලි වෙඩි ගැසීමට නොහැකි වීම නිසා වන අලියා පන්නා දැමීමේ මෙහෙයුම යම් මට්ටමකින් අසාර්ථක බව වනජීවි නිළධාරීන් පැවසූහ.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 11:28

    Latest News