සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව අස්වීම ලබාදීමට හෝ නැවත සේවයට වාර්තා කිරීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

72 වන නිදහස් දිනය වෙනුවෙන් යුද හමුදා සාමාජිකයින් 244 දෙනෙකුට උසස්වීම් ලබාදේ.

ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ 23වැනි සංවත්සරය ඊයේ දිනයට යෙදී තිබිණ. සංවත්සර සැමරුම පැවැත්වුණේ, නාවුල විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී.

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයි සියලුම දිස්ත්‍රික්කවල රාජකාරී වලට කැඳවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

දැන් විසි එක්වෙනි ශතවර්ෂයේ තුන්වෙනි දශකයට පාතබන්නට සූදානම් වන අතරම එළඹෙන දශකයේ තේමාව වන්නේ ශ්‍රීලංකාව ස්වෛරී, අභිමානවත්, සෞභාග්‍යමත් රටක් හැටියට ගොඩ නැගීම බව,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  මේ සියල්ලටම අඩිතාලම සපයන්නෙ රට රකින ත්‍රිවිධ හමුදාව බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

යුද හමුදාවේ නිලධාරීන් 63 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් උසස්කර තිබේ.

යුද හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ, රාජ්‍ය සහ හමුදා ලාංජනය පමණක් බව, යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට බාධා වන අයුරින් උතුරු පළාතේ හමුදා මාර්ග බාධක යොදා ඇති බවට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමෙහි රාජකාරී සඳහා නිලධාරීන් 243කගෙන් යුත් පිරිසක් අද දිවයිනෙන් පිටත්ව ගියේය.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමෙහි රාජකාරී සඳහා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 223 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් 2019 නොවැම්බර් මස 12 සහ 13 යන දිනයන්හි දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Latest News