ඡන්දයට බාධා වන හමුදා මාර්ග බාධක උතුරේ නැහැ - යුධ හමුදාපති

නොවැ 16, 2019

    ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට බාධා වන අයුරින් උතුරු පළාතේ හමුදා මාර්ග බාධක යොදා ඇති බවට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රකාශ කරයි.

     යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ඒ. එම්. එස්. බී. අතපත්තු මහතා ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    උතුරේ ජනාතාවට නිදහසේ තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලැබූ සියලු මාර්ග බාධක ඉවත් කර ඇති බව වැඩි දුරටත්යි එහි සඳහන්වේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක පියවරයන් ගෙන ඇති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා පවසයි.

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 18:08

    Latest News